1980 සිට ශ්‍රී ලංකාවේ මැණික් ලැපිඩරි යන්ත්‍ර පිළිබඳ වෘත්තිකයන් වන අපි “මැණික් සැකසීම සහ ඉරීමේ යන්ත්‍ර”, “මැණික් කපන සහ ඔපදමන යන්ත්‍ර”, “මැණික් අත් යන්ත්‍රය”, “මැණික් ක්‍රමාංකන යන්ත්‍ර”, “ආරෝපණ රෝල” සහ වෙනත් ලැපිඩරි යන්ත්‍ නිෂ්රපාදනය කරයි.

වසර ගණනාවක අත්හදා බැලීම්වලින් පසුව සහ ගනුදෙනුකරුවන්ගේ ප්‍රතිචාරය අනුව, අපි ශ්‍රී ලංකා වෙළඳපොළට ගැලපෙන පරිදි මැණික් ලැපිඩරි යන්ත්‍ර නිපදවා නිෂ්පාදනය කිරීමට පටන් ගත්තෙමු. කල් පවත්නා සහ නිරවද්‍යතාවයෙන් යුත් යන්ත්‍ර සමඟ අපගේ ගනුදෙනුකරුවන්ට වඩාත් හොඳින් සේවය කිරීමට හැකියාව උදාවී ඇත. අද අපට මෙම ක්ෂේත්‍රයේ වසර 40 කට වැඩි පළපුරුද්දක් ඇත.

අපගේ ප්‍රධාන පරමාර්ථය වන්නේ යන්ත්‍රය වැඩි නිරවද්‍යතාවයකින් ලබාදී, අපගේ ගනුදෙනුකරුගේ වටිනා ගල් හැඩ දැමීමේදී සිදුවන නාස්තිය අවම කිරීමත්, අපගේ යන්ත්‍ර සඳහා කල් පවතින ද්‍රව්‍ය භාවිතා කිරීමත්ය.

නව්‍ය අදහස් හා කල් පවත්නා ද්‍රව්‍ය පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන අපගේ ගනුදෙනුකරුවන් සෑම විටම ඔවුන්ගේ තරඟකරුවන්ට වඩා එක් පියවරක් ඉදිරියෙන් සිටියි.